ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පලස්තීන වන්දනාකරුවන් යළි ජෙරුසලමට
ජෙරුසලමේ 'හරාම් අල් ෂරීෆ්' පුදබිමට පිවිසීම නතර කරමින් සති දෙකක කාලයක් ගෙන යමින් තිබුණ වර්ජනය අවසන් කළ පලස්තීන වන්දනාකරුවන් කණ්ඩායමක් අද (ජූලි 27) එම පුදබිමට ඇතුල් වූහ.
පුදබිමට පිවිසීමට පෙර පලස්තීන ජාතිකයන් එය ඉදිරිපිට ආගමික පාඨ කියමින් සතුටින් රඟමින් සිටියහ.
පලස්තීන ජාතිකයන් 'හරාම් අල් ෂරීෆ්' පුදබිම වර්ජනය ආරම්භ කළේ ඊශ්‍රායල විසින් එහි විශේෂ ආරක්ෂක නිරීක්ෂණ උපකරණ පද්ධතියක් සවි කරනු ලැබීමෙන් පසුවයි.
ජෙරුසලමේ පිහිටි එම ඓතිහාසික පුදබිම ඊශ්‍රායල් ජාතිකයන් විසින් 'ටෙම්පල් මවුන්ට්'(Temple Mount) යනුවෙන්ද පලස්තීන ජාතිකයන් විසින් 'හරාම් අල් ෂරීෆ්' යනුවෙන් ද හඳුන්වනු ලැබෙයි.
සබැඳි පුවත්;
ඊශ්‍රායලය එම පුදබිමේ නිරීක්ෂණ උපකරණ සවිකළේ, එම කලාපයේ දී ඔවුන්ගේ පොලිස් නිලධාරීන් දෙදෙනකු මරා දමනු ලැබීමෙන් අනතුරුවයි.
එම විශේෂ ආරක්ෂක උපකරණ සවි කරනු ලැබීමත් සමඟ ඊට එරෙහිව පලස්තීන ජාතිකයන් ගෙන යමින් තිබුණ විරෝධතා ව්‍යාපාරයේ දී ඇති වූ ගැටුම්වලින් හත්දෙනකු මරණයට පත් වූ බව වාර්තා වෙයි.
පුදබිමේ සවිකළ එම නිරීක්ෂණ උපකරණ පලස්තීනයේ විරෝධය නිසා ඊශ්‍රායලය විසින් ඉවත් කරගත් අතර ඉතිරි අවසන් උපකරණත් ඉවත් කරග නු ලැබීමෙන් අනතුරුව පලස්තීන වන්දනාකරුවන් පුදබිමට පිවිසුණ බව වාර්තා වෙයි.
මේ අතර ජෙරුසලමේ පැරණි නගරයේ දී පලස්තීන ජාතිකයන් සමඟ ඇති වූ ගැටුම් වලදී ඊශ්‍රායෙල් හමුදා කඳුළු ගෑස් ගසමින් මිනිසුන් බිය ගැන්වීමට පාවිච්චි කරන මහ හඬින් පුපුරා යන බෝම්බ (sonic grenades )ප්‍රහාර එල්ල කර ඇති අතර එම ගැටුම් වලදී හතළිහකට අධික පිරිසක් තුවාල ලද බව පලස්තීන 'රතු අඩසඳ' සංවිධානය පවසයි.