තවත් සයිබර් ප්‍රහාරයක්

WEBROOT

ඡායාරූප මූලාශ්‍රය, WEBROOT

තමන් දරුණු සයිබර් ප්‍රහාරයකට ලක්වී ඇති බව ලොව පුරා ආයතන ගණනාවක් වාර්තා කරයි.

යුක්‍රේනයේ රාජ්‍ය බලශක්ති ආයතනය, කිව් ගුවන් තොටුපල ඇතුළු එරට ආයතන ගණනාවක් මෙම සයිබර් ප්‍රහාරයට ගොදුරු වී ඇති බව මේ වන විට නිවේදනය කර තිබේ.

යුක්‍රේනයේ මහ බැංකුව ද ඊට ගොදුරු වී ඇත.

ඊට ගොදුරු වූ අනෙකුත් ආයතන අතර 'ඇන්ටනොව්' ගුවන්යානා නිෂ්පාදන සමාගම සහ තැපැල් සමාගම් දෙකක් ද වෙති.

'කප්පම් සයිබර් ප්‍රහාරය'

සයිබර්

ඡායාරූප මූලාශ්‍රය, PA

මෙම සයිබර් ප්‍රහාරයට ලක්වූ බවට මුලින්ම නිවේදනය කළ ආයතන අතර බ්‍රිතාන්‍යයේ සමාගම් කිහිපයක් ද වෙති.

මෙය පසුගිය මාසයේ දී එල්ල වූ 'කප්පම් සයිබර් ප්‍රහාරයට' (ransomware ) සමාන ප්‍රහාරයක් විය හැකි බවට ඇතැම් විශේෂඥයෝ අනතුරු අඟවති.

සයිබර්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

රුසියාවේ තෙල් සමාගමක් සහ ඩෙන්මාර්කයේ නාවික සමාගමක් ද නවතම සයිබර් ප්‍රහාරයට ගොදුරුවී ඇති බව එම සමාගම් විසින් නිවේදනය කරනු ලැබ තිබේ.

මෙම ප්‍රහාරයට ගොදුරු වූ අනෙකුත් රටවල් අතරට ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, ප්‍රංශය සහ එක්සත් ජනපදය ද වෙති.