ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චීනයේ නයායාමක්: 120ක් අතුරුදහන්
චීනයේ නිරිතදිග ප්‍රදේශයේ ඇතිවූ නායයාමකට ගොදුරු වී 120කට අධික පිරිසක් පසට යටවී ඇතැයි සැක කෙරෙන බව චීන රාජ්‍ය මාධ්‍ය සඳහන් කරයි.
සිශුවාන් ප්‍රාන්තයේ කන්දක එක් පසක් කඩාවැටීමෙන් සිදුවූ මෙම නායයාම හේතුවෙන් ක්සින්මෝ ගම්මානයේ නිවාස 40ක් පමණ විනාශවී තිබේ.
චීන වේලාවෙන් අද උදෑසන 6.00ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර ගල් සහ පස්වලට යටවී ඇති පිරිස් බේරා ගැනීම සඳහා සහන සේවකයෝ එහි ළඟා වී සිටිති.
මාපිය යුවළක් සහ බිළිඳෙකු
කන්දෙන් පෙරළුණු ගල්වලට යටවී සිටි මාපිය යුවළක් සහ බිළිඳෙකු බේරාගෙන රෝහල කරා රැගෙන ගොස් ඇතිබව AFP පුවත් සේවය වාර්තා කළේය.
නායයාම හේතුවෙන් කන්ද පාමුල ඇති ගංගාවේ කිලෝමීටර 2ක් පමණ දිගු ප්‍රදේශයක ජලය ගලායාම අවහිර වී ඇති බව චීන මාධ්‍ය වාර්තා කර තිබේ.
පසුගිය දිනවල මෙම ප්‍රදේශයට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව මෙම නායයාමට හේතු වී ඇති බව ප්‍රාදේශීය පොලිසිය පවසයි.
2008 වසරේදී සිශුවාන් ප්‍රාන්තයේ සිදු වූ භූමිකම්පාවකින් පුද්ගලයන් 87,000ක් ජීවිතක්ෂයට පත්විය.
එම භූමිකම්පාව හේතුවෙන් ඇතිවූ නායයාමකට ගොදුරුවී සංචාරකයන් 37දෙනෙකු මිය ගියේ ඔවුන් රැගත් බස් රථය පසට වැළලී යාමෙනි.