ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගුවනින් දුටු චීනයේ රිය අනතුර
අයිස් මිදී තිබූ චීනයේ අධිවේගී මාර්ගයක මෝටර් රථ සහ ට්‍රක් රථ එකිනෙක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් දාහත් දෙනෙකු මරණයට පත්විය.
එකිනෙක ගැටුණු වාහන පනස් හයක් එකපොදියට ගොඩගැසී තිබුණු බව වාර්තාවේ.
උතුරු චීනයේ ශාන්ෂි පළාතේදී මෙම අනතුර සිදුව ඇත්තේ වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් මහාමාර්ගය අතිශයින්ම ලිස්සනසුළු ස්වභාවයක පැවතීම හේතුවෙනි.
චීනය ලෝකයේ වඩාත්ම අනතුරුදායක මහාමාර්ග සහිත රටකි.
ලෝක සෞඛ්‍ය සංවිධානය ගණන් බලා ඇති ආකාරයට චීනයපුරා සෑම වසරකම දෙලක්‍ෂ පනස්දහසකට වැඩි පුද්ගලයන් සංඛ්‍යාවක් මාර්ග අනතුරු හේතුවෙන් මරණයට පත්වේ.
එහෙත් චීන රජයේ වාර්තාවලින් දැක්වෙන්නේ එම ප්‍රමාණයට වඩා බොහෝ අඩු මරණ සංඛ්‍යාවකි.