ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉරාන පාර්ලිමේන්තුවට සහ අයතුල්ලා කොමෙයිනිගේ සමාධියට ප්‍රහාරයක්
ටෙහෙරාන් අගනුවර පිහිටි පාර්ලිමේන්තුව තුළ සහ අයතුල්ලා කොමෙයිනිගේ සමාධිය අසල දී වෙඩි තැබීම් සිදුව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
පාර්ලිමේන්තුව තුළ සිදු වූ වෙඩි තැබීමෙන් ආරක්ෂක භටයෙකු තුවාල ලබා ඇති බව පුවත් වාර්තාවල සඳහන් වේ.
මේ අතර ඉන් කිලෝමීටර කිහිපයක් ඔබ්බෙන් පිහිටි ඉස්ලාමීය ජනරජයේ නිර්මාතෘ අයතුල්ලා කොමෙයිනිගේ සමාධිය අසල ප්‍රහාරයක් සිදුව ඇති බවට ද වාර්තා පළ වේ.
සන්නද්ධ පුද්ගලයන් තිදෙනෙකු සමාධිය වටලා ප්‍රහාර එල්ල කළ බව 'ෆාර්ස්' පුවත් ආයතනය පවසයි.
මරාගෙන මැරෙන ප්‍රහාරකයෙකු විසින් සිය බෝම්බය පුපුරවා හැරීමට පෙර සෙසු ප්‍රහාරකයන් දෙදෙනා විසින් එහි සිටි කිහිප දෙනෙකුට වෙඩි තබා ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ සිදු වූ ප්‍රහාරය පාලනය කර ඇති බව ඇසින්දුටුවෙකු රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.