මැන්චෙස්ටර් ප්‍රහාරය : සැකකරුවකු අත්අඩංගුවට

මැන්චෙස්ටර් හිදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් එක් සැකකරුවකු දකුණු මැන්චෙස්ටර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිණි.

එම පුද්ගලයා 23 හැවිරිදි අයෙකු බව වාර්තා විය.

අත්අඩංගුවට ගැනීම දුටු මැන්චෙස්ටර් හි ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකුවන නික් යේට්ස්, "මාර්ගය අයිනේ නවතා තිබු කළු පාට වෑන් රියක 6ක් හෝ 8ක් පමණ වූ පොලිස් නිලධාරීන් පිරිසක් හිටියා. ඔවුන් නිල ඇඳුමින් හිටියේ නැහැ. මම මාර්ගය හරහා මාරුවෙනකොටයි දැක්කේ අත්වලට විලංගු දැමු කෙනෙක් වාඩි වී සිටින බව." යැයි පැවසීය.

බෝම්බ ප්‍රහාරයේදී 8 හැවිරිදි සැෆී රෝස් රුසොස් නම් දැරියද මියගොස් ඇති බව ලැන්කෂයර් ප්‍රාන්ත සභාව පැවසීය. එසේම, 18 හැවිරිදි ශිෂ්‍යාවක වූ ජෝර්ජිනා කලන්ඩර් ද මියගිය අයගේ ලැයිස්තුවට අයත්ව තිබේ.

මැන්චෙස්ටර් ප්‍රහාරයේදී 22 දෙනෙකු මියගොස් තවත් 59 දෙනෙක් තුවාල ලැබුහ.