ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බ්‍රිතාන්‍ය අගමැතිනියගේ මැතිවරණ පොරොන්දු
ජුනි අටවෙනිදා පැවැත්වෙන මහමැතිවරණය සඳහා බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂය ඡන්දදායකයන් වෙත ඉදිරිපත් කරන සිය ප්‍රතිපත්ති ඇතුළත් මැතිවරණ ප්‍රකාශනය අද (18) එළිදක්වනු ලැබුණි.
සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ කියා සිටියේ ශක්තිමත් ආර්ථිකයක් ඇතිකිරීම සහ යුරෝපා හවුලෙන් ඉවත්වීම සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බවය.
අදායම් බදු ඉහළ නොදමන බවට 2015 දී කොන්සර්වේටිව් පක්‍ෂය ලබා දී තිබුණු මැතිවරණ පොරොන්දුව මෙවර මැතිවරණ ප්‍රකාශනයෙන් ඉවත් කර තිබීම විශේෂත්වයකි.
යුරෝපා හවුලෙන් ඉවත්වීම හේතුකොටගෙන ආර්ථිකයට ඇතිවන බලපෑමට මුහුණ දීම සඳහා පංචවිධ ප්‍රමුඛතා සැලැස්මක් අගමැතිනිය විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ.
කෙසේ නමුත් වැට් බද්ද ඉහළ නොදමන බවට ඇය මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ප්‍රතිඥා දී තිබේ.
බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්‍ෂය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති පොරොන්දු අතර ප්‍රධාන තැනක් ගන්නා කිහිපයක් මෙසේය.
- වසර 2025 වනවිට අයවැය පරතරය සම කිරීම.
- බ්‍රිතාන්‍යය තුළට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව දසදහස් ගණනකට සීමා කිරීම.
- වැට් බද්ද ඉහළ නොදැමීම.
- ජාතික සෞඛ්‍ය සේවාව (NHS) සඳහා ඉදිරි වසර පහ ඇතුළත අවම වශයෙන් පවුම් බිලියන අටක් වැය කිරීම.
- යුරෝපා හවුලෙන් ඉවත්වීම සඳහා පවතින ක්‍රියාදාමය අවසන්වන තුරු, ස්කොට්ලන්තයට ස්වාධීනත්වය ලබා දිය යුතුද යන්න තීරණය කිරීම සඳහා ජනමතවිචාරණයක් නොපැවැත්වීම.
- වසර 2022 වනවිට එංගලන්තයේ පාසල් සඳහා තවත් පවුම් බිලියන හතරක් වෙන්කිරීම.
- ඉදිරි වසර පහ ඇතුළත නිවාස පහළොස් ලක්‍ෂයක් ඉදිකිරීම.
මේ අතරතුර බ්‍රිතාන්‍යයේ ලේබර් පක්‍ෂය කියා සිටින්නේ ජීවන මට්ටම, සෞඛ්‍ය සේවා වියදම්, පාසල් සඳහා කෙරෙන වියදම් සහ අයවැය පරතරය වැනි කාරනා පිළිබඳව කොන්සර්වේටිව් පක්‍ෂය ලබා දුන් පොරොන්දු 50ක් පසුගිය දෙවසර ඇතුළත කඩකර ඇති හෙයින් තවදුරටත් ඔවුන් විශ්වාසකළ නොහැකි බවය.
බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනය ද පසුගියදා ඡන්ද දායකයන් අතට පත් කරනු ලැබුණි.
එම පක්ෂයේ ප්‍රතිපත්ති ඇතුළත් මැතිවරණ ප්‍රකාශනය එළි දැක්වුණේ ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින් අතිනි.