පීඩාකාරී සැමියන්ට තලන්න මනාලියන්ට 'බැට්'

mass wedding in Madhya Pradesh India

ඡායාරූප මූලාශ්‍රය, Hindustan Times

ඡායාරූප ශීර්ෂ වැකිය, "බේබද්දන්ට එරෙහිව භාවිතයට ගැනීම සඳහා" වැනි වැකි සටහන් පිති

සිය අනාගත සැමියන් පීඩාකාරී ලෙස හැසිරෙන්නේ නම් ඔවුන්ට පහර දීම සඳහා මනාලියන් වෙත ලීයෙන් නිම කළ පිති (බැට්) ලබා දීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.

ප්‍රාන්ත ආණ්ඩුව විසින් සංවිධානය කරන ලද සමූහ විවාහ මංගල්‍යයක දී යුගදිවියට පත් මනාලියන් හත්සිය දෙනෙකු වෙත එම පිති බෙදා දී ඇත.

ස්වාමිපුරුෂයන් පීඩාකාරී ලෙස හැසිරෙන්නේ නම් අවියක් වශයෙන් එම පිති යොදා ගන්නා ලෙස මනාලියන්ට දන්වා තිබේ.

"බේබද්දන්ට එරෙහිව භාවිතයට ගැනීම සඳහා", "පොලිසිය මැදිහත් වන්නේ නැහැ" වැනි වැකි සටහන් සෙන්ටිමීටර 40 ක් පමණ දිගින් යුත් එම පිති සාමාන්‍යයෙන් යොදා ගනු ලබන්නේ රෙදි ඇපිල්ලීම සිදු කිරීමේදීය.

line
line

මනාලියන් අතර එම පිති බෙදා දුන් මාධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මහඇමති ගෝපාල් භාර්ගවා කියා සිටියේ ගම්බද ප්‍රදේශවල වැඩි වශයෙන් දක්නට ඇති ගෘහස්ථ හිංසනය ඉස්මතු කිරීමේ අරමුණින් එවැනි ක්‍රියාමාර්ගයක් ගත් බවය.

ගෘහස්ථ හිංසනය

Brides at a mass wedding in Ahmedabad, India

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, තමන්ගේම විවාහ මංගල්‍ය උත්සවයක් පැවැත්වීම සඳහා මූල්‍ය ශක්තියක් නොමැති අඩු ආදායම්ලාභීන්ට සහනයක් වශයෙන් ඉන්දියාව තුළ සමූහ විවාහ මංගල්‍ය සංවිධානය කෙරේ.

පිති භාවිතයට ගැනීමට පෙර ස්වාමිපුරුෂයන් සමග සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමට උත්සාහ ගන්නා ලෙසත් ඊට ඇහුම්කන් නොදෙන්නේ නම් "ඉතිරිය පිත්තට භාර කරන ලෙසත්" මහඇමතිවර්යා මනාලියන්ට පැවසීය.

"තමන්ගේ සැමියන් බීමත් වන සෑම අවස්ථාවකම ඔවුන් හිංසාකාරී ලෙස හැසිරෙන බව කාන්තාවන් කියනවා. ඔවුන් මේ කාන්තාවන් ඉතිරි කළ මුදල් අරන් ගිහින් මත්පැන් සඳහා නාස්ති කරනවා" යනුවෙන් මහඇමති ගෝපාල් භාර්ගවා ප්‍රංශ පුවත් සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

"කාන්තාවන් ප්‍රචණ්ඩත්වය දෙසට තල්ලු කිරීමේ අදහසක් මෙහි නැහැ. නමුත් මෙය තිබෙන්නේ ප්‍රචණ්ඩත්වයෙන් ගැලවී සිටීම සඳහායි"

පිති දසදහකසක්

mass wedding in Madhya Pradesh India

ඡායාරූප මූලාශ්‍රය, Hindustan Times

ඡායාරූප ශීර්ෂ වැකිය, "පොලිසිය මැදිහත් වන්නේ නැහැ"

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන මහ ඇමති භාර්ගවා වැඩිදුරටත් කියා සිටියේ තමන් එවැනි පිති දසදහසක් ඇණවුම් කර ඇති බවය.

මහඇමතිවරයා නියෝජනය කරන ගර්හාකොටා නගරයේ සති අන්තයේ පැවති උත්සවයක දී විවාහ වූ මනාලියන් හත්සිය දෙනෙකු අතර පිති බෙදා දුණි.

line
line

තමන්ගේම විවාහ මංගල්‍ය උත්සවයක් පැවැත්වීම සඳහා මූල්‍ය ශක්තියක් නොමැති අඩු ආදායම්ලාභීන්ට සහනයක් වශයෙන් ඉන්දියාව තුළ සමූහ විවාහ මංගල්‍ය පැවැත්වේ.