ඇන්ටි රෝමියෝ;ලිංගික හිරිහැර මැඩලීමේ පොලිස් බලකායක්

ඉන්දීය පොලිස් භටයන්-සංරක්‍ෂිත ඡායාරූපයකි
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දීය පොලිස් භටයන්-සංරක්‍ෂිත ඡායාරූපයකි

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත බලධාරීන් විසින් අලුතින් හඳුන්වාදෙන ලද පොලිස් බලඇණි විශේෂයක් අහෝසි කරනමෙන් ඉන්දීය කාන්තා ක්‍රියාධාරිනියන් විසි දෙදෙනෙක් ඉල්ලා සිටිති.

'ඇන්ටි රෝමියෝ' (anti-Romeo) යනුවෙන් නම් කරනු ලැබ ඇති අභිනව පොලිස් කණ්ඩායම් පුරුෂයන්ගේ අතවර වලින් කාන්තාවන් බේරා ගැනීම සඳහා පිහිටුවන ලද බව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ දක්ෂිණාංශික නව පාලනය පවසයි.

උත්තර් ප්‍රදේශ් ඉන්දියාවේ විශාලතම ප්‍රාන්තයයි.

වීඩියෝ ශීර්ෂ වැකිය, අතවර මඩින 'ඇන්ටි රෝමියෝ ස්කොඩ්'

මුර සංචාරයේ නිරත කෙරෙන 'ඇන්ටි රෝමියෝ' පොලිස් කණ්ඩායම් නිරන්තරයෙන් පුරුෂයන් පරීක්ෂාවට ලක් කරන අතර ඇතැම්විට ඔවුන් අත්අඩංගුවට ගැනීමත් සිදුකරති.

එහෙත් එම පොලිස් කණ්ඩායම් නීතියට පටහැණිව යමින් ආක්‍රමණශීලීව ක්‍රියාකරන බව ඉහත කී කාන්තා ක්‍රියාධාරිනියන් විසින් නිකුත් කරන ලද ප්‍රකාශනයක දැක්වෙයි.

ඒ වෙනුවට කාන්තා සංවිධාන සමඟ සාකච්ඡා කොට ලිංගික හිරිහැර පාලනයට පියවර ගතයුතු බවත් එම ක්‍රියාධාරිනියෝ පෙන්වාදෙති.