ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
‘විකිලීක්ස්’ පිළිබඳව CIA විග්‍රහය
ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු අංශයේ (CIA) නව ප්‍රධානී මයික් පොම්පිඕ (Mike Pompeo) 'විකිලීක්ස්' වෙබ් අඩවිය 'එදිරිවාදී රහස් ඔත්තු අංශයක්' හැටියට විග්‍රහ කරයි.
එසේම එම වෙබ් අඩවිය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්ට තර්ජනයක් වන අතරවාරයේ ආඥාදායකයන් සමඟ එක්ව කටයුතු කරන බවත් මයික් පොම්පිඕ පවසයි.
ඔහු ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු අංශය භාර ගැනීමෙන් පසු සිදුකළ පළමු ප්‍රසිද්ධ ප්‍රකාශය මෙයයි.
විකිලීක්ස් වෙබ් අඩවිය රුසියාව වැනි රටවල ආධාරය පතන අතරවාරයේ ඇමෙරිකා එක්සත් ජනපදය කෙරෙහි ඔවුන්ගේ සමස්ත පරීක්ෂණ ඇස යොමුකරන බවත් CIA ප්‍රධානී මයික් පොම්පිඕ කියා සිටියි.
මේ අතර පසුගිය බදාදා (අප්‍රියෙල් 12) 'වොෂිංටන් පෝස්ට්' පුවත්පතේ ලිපියක් පළ කරන විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාංග් (Julian Assange), සිය සංවිධානයේ කාර්යභාරය 'ප්‍රවෘත්තිමය වටිනාකම් සහිත තොරතුරු ප්‍රකාශනය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය මට්ටමින් සහතික කෙරුණ සත්‍යය හෙළිදරව් කිරීම' වන බව කියා සිටියේය.
දුරකථන, සන්නිවේදන ඇප් (APPS) මෘදුකාංග සහ වෙනත් විද්‍යුත් උපාංග තුළට පිවිසිය හැකි අධිරහස්‍ය උපකරණ CIA සංවිධානය සතුබව පැවසෙන ලියකියවිලි විකිලීක්ස් වෙබ් අඩවිය මගින් පසුගිය මාර්තු මාසයේ ප්‍රකාශයට පත් කර තිබුණි.