ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විකිලීක්ස්: 'CIA රූපවාහිනී හරහා ඔත්තු බලනවා'
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු ලොව පුරා රටවල රාජ්‍ය රහස් හෙළි කළ 'විකිලීක්ස්' වෙබ් අඩවිය තවත් රහසිගත ලිපිගොනු දහස් ගණනක් ප්‍රකාශයට පත් කර තිබේ.
විකිලීක්ස් වෙබ් අඩවිය පවසන පරිදි ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවය අනවසරයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා භාවිත කළ රහසිගත ක්‍රමවේද එම ලිපිගොනුවල දැක්වේ.
කෙසේ නමුත් එම ලිපිගොනුවල නිවැරදිභාවය ස්වාධීන වශයෙන් මෙතෙක් තහවුරු කොට නොමැත.
ස්මාර්ට් ජංගම දුරකතන සහ පරිගණකවල අඩංගු දත්ත රහසින් ලබා ගැනීමේ අරමුණින් නිර්මාණය කරන ලද මෘදුකාංග පිළිබඳ තොරතුරු එම ලිපිගොනුවල සඳහන් වේ.
අන්තර්ජාලයට සම්බන්ධ සැම්සුන් ස්මාර්ට් රූපවාහිනීවලට රහසින් ඇතුළුවී ඒ ඔස්සේ ශබ්දය පටිගත කිරීම සඳහා CIA ආයතනය බ්‍රිතාන්‍ය ඔත්තු සේවා සමග කටයුතු කර ඇති බවත් එක් ලිපිගොනුවක දැක්වේ.