ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අඩු නින්ද නිසා වැඩපොළේ 'කේන්තිකාරයෝ'
සේවා ස්ථානය තුළ නොසැලකිලිමත් සහ කඩාකප්පල්කාරී ලෙස හැසිරීම කෙරෙහි පෙර දින රාත්‍රියේ නිසි නින්දක් නොලැබීම හේතු විය හැකි බව පර්යේෂකයෝ පවසති.
නිසි නින්දක් නොමැතිකම සේවකයන් විඩාවට පත්කරනවා පමණක් නොව, ඔවුන්ගේ ස්වයං සංයමය පිරිහෙන අතර "අනවශ්‍ය" ක්‍රියාකාරකම් කෙරෙහි යොමු වීමට ද හේතු විය හැකි බව ඉහත කී පරේෂණය සිදුකළ විද්‍යාඥයෝ පෙන්වා දෙති.
රොටර්ඩෑම් කළමනාකරණ විද්‍යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද එකී අධ්‍යයන වාර්තාවට අනුව නින්ද හා සම්බන්ධ එවැනි හැසිරීම් සහ ක්‍රියාකාරකම් පුද්ගල කාර්යක්ෂමතාව කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි.
නිසි නින්දක් නොලැබීම සේවා ස්ථානය තුළ "විනාශකාරී ක්‍රියාදාමයකට" හේතු විය හැකි බවත් අධ්‍යයන වාර්තාව පෙන්වා දෙයි.
උරණ වීම
අඩු නින්ද ලබන වෘත්තිකයන් සිය සේවා ස්ථානයේ සෙසු සාමාජිකයන් සමඟ උරණව හැසිරීමට ඉඩකඩ ඇතිබවත් පර්යේෂණ වාර්තාව පවසයි.
සාමාන්‍යයෙන් එවැනි හැසිරීම් රටාවක් දැකිය නොහැකි පුද්ගලයන් තුළ පවා දිනක රාත්‍රි නින්දක් නොලැබීම දැඩි බලපෑමක් සිදු කරන බව අධ්‍යයන වාර්තාවේ සඳහන්වේ.
අඩු නින්දක් ලැබීම ආත්ම සංයමය සහ ආවේග පාලනය කර ගැනීමේ හැකියාව හීන කිරීමට ද හේතුවන බව අධ්‍යයන වාර්තාව පෙන්වා දෙයි.
සිය අසාර්ථකභාවය සම්බන්ධයෙන් පවතින පුද්ගල හැඟීම්වලින් මිදීම අපහසු කිරීමටත් නිසි නින්දක් නොලැබීම බලපෑමක් ඇති කළ හැකි බව අධ්‍යයන වාර්තාව පවසයි.