ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'වැඩිහිටියන්ගේ වැඩිනින්ද ස්මෘතිහානියට හේතුවක්'
එක් රාත්‍රියකදී පැය නවයකට අධික කාලයක් නිදාගන්නා වැඩිහිටියන් තුළ ස්නායු පද්ධතියේ රෝගී තත්වයක් නිසා හටගන්නා 'ඇල්ට්ස්හයිමර්ස්' (Alzheimers) ව්‍යාධියේ පළමු ලක්‍ෂණ ඇතිවීමේ ඉඩකඩක් පවතින බව නව පර්යේෂණයක් මගින් පෙන්වා දී ඇත.
දිගු කාලයක් නිදාගන්නා වැඩිහිටියෙක් එම ව්‍යාධියට ගොදුරු වීමට ඇති ඉඩකඩ සාමාන්‍ය පුද්ගලයකුට වඩා දෙගුණයක් වනබව වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයන් යොදා ගනිමින් සිදුකරන ලද ඉහත කී පර්යේෂණ වාර්තාව පවසයි.
'ස්මෘතිහානිය' (dementia) ඇතිවීමේ අවදානමක් සහිත අය හඳුනාගැනීමේ ක්‍රමයක් ලෙස ප්‍රතිකාර සඳහා පැමිණෙන පුද්ගලයන්ගෙන් ඔවුන් දිනකට කොතරම් වෙලාවක් නිදාගන්නේද යන ප්‍රශ්නය ඇසීම ප්‍රයෝජන වියහැකි බවත් ඉහත කී පර්යේෂණය සිදුකළ ඇමෙරිකා එක්සත් ජනපදයේ බොස්ටන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෝ පවසති.