ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පන්සල් දොරෙන් සොහොන් බිමට යන චීන වැඩිහිටියෝ
ලෝකයේ වඩාත්ම වේගයෙන් වයස්ගත වන ජනතාවක් සිටින්නේ චීනයේ බව මෑතක දී නිකුත්කරන ලද ලෝක බැංකු වාර්තා වක් මගින් හෙලිවී තිබේ.
ඒ සමගම චීනයේ මෑතක් වනතුරුම පැවති එක් දරු නීතිය හේතුවෙන්ද වැඩිහිටියන් රැකබලාගැනීමට දරුවන් නොමැතිවීම ගැටලුවක්ව පවතී.
එබැවින් ඈත පිටිසර ගම්වල වයස් ගත ජනතාව ඉතා දුෂ්කර ජීවිත ගත කරන අතර ඇතැමුන් තමනට තනිව එදිනෙදා කටයුතුවත් කර ගැනීමට අපහසුවීම හේතුවෙන් සියදිවි නසා ගත් අවස්තා ද වාර්තා වී තිබේ.
පවතින තත්වයට යම් තරමක හෝ සහනයක් වශයෙන් ජි ෂියැන් පළාතේ බෞද්ධ විහාරස්ථානයක වැඩිහිටි අනාථ නිවාසයක් අරඹා තිබේ.
එමගින් තම අවසන් හුස්ම පොද පහව යන තුරු ආගමික කටයුතුවල යෙදෙමින් පන්සලේ ජීවත්වීමට ප්රදේශයේ වැඩිහිටියන්ට අවස්තාව උදා වී තිබේ.
ඉහත වීඩියෝවෙන් කියවෙන්නේ ඔවුන්ගේ කතාවයි.