ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නෞකාව මුදාහැරීමට කොල්ලකරුවෝ කප්පම් ඉල්ලති
සෝමාලියාවට නුදුරු මුහුදේ දී පසුගිය සඳුදා (මාර්තු 13) පැහැරගැනීමට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාව මුදාහැරීම සඳහා සන්නද්ධ කොල්ලකරුවන් කප්පම් ඉල්ලා සිටින බව මුහුදු කොල්ලකෑම් මැඬලීම සඳහා වන යුරෝපා හවුලේ නාවික හමුදාව තහවුරු කරයි.
නෞකාවේ කපිතාන්වරයා දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට හැකිවූ බව යුරෝපා හවුලේ නාවික හමුදාව පවසයි.
සෝමාලියාවට නුදුරු පුන්ට්ලන්ඩ් උතුරු මුහුදු තීරයේ තොටුපළක නෞකාව නවතා තිබෙන බවත් නෞකාවේ කාර්ය මණ්ඩලය රඳවාගෙන සිටින බවත් කපිතාන්වරයා පවසා ඇත.
අධිවේගී යාත්‍රා දෙකක්
'ඒරිස් 13' නම් මෙම නෞකාව ජිබුටි සිට සෝමාලියාවේ මොගඩිෂු අගනුවර බලා ගමන් කරමින් සිටියදී, අධිවේගී යාත්‍රා දෙකක් තමන් ලුහුබඳිමින් සිටින බවට පණිවිඩයක් එම නෞකාවෙන් මුදා හැර තිබේ.
2012 වසරට පසුව සෝමාලියානු මුහුදු තිරයේදී වෙළඳ නෞකාවක් පැහැරගනීමට ලක්වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.