ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චොක්ලට්වලට මුවා වූ ලිංගික අපරාධයක්
කේරළ ප්‍රාන්තයේ අනාථ නිවාසයක සිටි දැරියන් පිරිසක් දූෂණය කළ බවට සැක පිට පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය පවසයි.
පොලිසිය වැඩි දුරටත් කියා සිටියේ චොක්ලට් සහ රස කැවිලි ලබා දෙන බව පවසමින් දූෂකයන් එම අනාථ දරුවන් වෙළඳසැලක් වෙත ගෙන්වා ගෙන ඇති බවය.
දැරියන් දූෂණය කරන අයුරු පටිගත කළ එම කණ්ඩායම අදාළ වීඩියෝ පට ප්‍රසිද්ධ කරන බව පවසමින් නැවත නැවතත් ඔවුන්ට ලිංගික අතවර සිදු කොට ඇති බව පරීක්ෂණ වලින් හෙළිදරව් වී තිබේ.
මෙවැනි 'ම්ලේච්ඡ' අපරාධයකට අනාථ නිවාසයේ තවත් දැරිවියන් ගොදුරු වී තිබේදැයි සොයා බැලීමට වැඩි දුර පරීක්ෂණ සිදු කරන බව කේරළ බලධාරීහු පවසති.
කේරළ ප්‍රාන්තයේ වයනාඩ් ප්‍රදේශයේ පිහිටි එම අනාථ නිවාසයේ මේ වන විට දරුවන් දහසකට ආසන්න ප්‍රමාණයක් රැකවරණය ලබමින් සිටිති.