ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"කාන්තාවන් දුර්වලයි, බුද්ධියෙන් අඩුයි"
කාන්තාවන් දුර්වල බවත් බුද්ධියෙන් ඌණ බවත් පැවසූ පෝලන්ත ජාතික යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට දඬුවම් පැමිණ වීමේ ඉඩක් පවතින බව වාර්තා වෙයි.
පෝලන්ත ජාතික යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී කොර්වින් මිකේ දැඩි විවේචනයට තුඩු දී ඇති එම ප්‍රකාශය කළේ පුරුෂයන්ට කාන්තාවන්ට වැඩි ඉහළ වැටුප් හිමිවිය යුතු බව පවසමිනි.
කොර්වින් මිකේ විසින් එවැනි ප්‍රකාශයක් කිරීම තුළින් සභා නීති කඩ කර තිබේ දැයි සොයා බැලීමට යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපතිවරයා විසින් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
යුරෝපා පාර්ලිමේන්තු නීති රෙගුලාසි වලට අනුව සභාව තුළ යම් පාර්ශවයක් හෝ පුද්ගලයෙකු අපකීර්තියට පත්වන අයුරින් හැසිරීම, ජාතිකත්වය පදනම් කරගනිමින් අන්තවාදී අදහස් දැක්වීම තහනම් වේ.
සමාජවාදී සහ ප්රජාතන්ත්රවාදී කණ්ඩායම් බොහොමයක් එම 'ලැජ්ජාසහගත ප්‍රකාශය' සිදුකළ පෝලන්ත යුරෝපා පාර්ලිමේන්තු සභිකයාට එරෙහිව දඬුවම් නියම කරන ලෙස යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති ඇන්ටෝනියෝ ටාජානිට බල කර සිටිති.
යුරෝපා පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය බීබීසියට පැවසුවේ යුරෝපා පාර්ලිමේන්තු සභා නීති කඩ කරන සභිකයෙකුට දඩයක් නියම කිරීමටත් ඔහුගේ සහභාගීත්වය තාවකාලිකව අත්හිටුවීමටත් පාර්ලිමේන්තුවට බලය තිබෙන බවය.