ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාර්ලිමේන්තුව තුළ ලිංගික හිංසනයට එරෙහිව හිටපු ඇමතිවරියෝ
දේශපාලනය තුළ පවතින ලිංගික හිංසනය හමුවේ තවදුරටත් නිහඬව නොසිටින බව ප්‍රංශ පාර්ලිමේන්තුවේ හිටපු අමාත්‍යවරියෝ 17 දෙනෙකු ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.
පසුගිය සතියේ ප්‍රංශ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ඩෙනිස් බෝපින් ඉල්ලා අස්වූයේ ලිංගික හිංසා කිරීමක් පිළිබඳ චෝදනාවක් හේතුවෙන්.
කෙසේ වුවද ඩෙනිස් විසින් එම චෝදනාව ප්‍රතික්ෂේප කරනු ලැබ තිබුණි.
විවිධ දේශපාලන පක්ෂ වලට අයත් හිටපු අමාත්‍යවරියන් පැවසුවේ පිරිමින් පමණක් සිටින වට පිටාවක දී තමන් ලිංගිකත්වය මත පීඩාවට පත්වන බවයි.
කාන්තා අයිතීන් පිළිබඳ හිටපු අමාත්‍යවරියක් වන යුවෙතේ රෞදී ප්‍රංශ ප්‍රවෘත්ති වැඩසටහනක දී පැවසුවේ මිනිසුන් ඒ ආකාරයෙන් හැසිරීමට පෙළඹී ඇත්තේ කාන්තාවන් එයට කැමැත්තක් දක්වන්නේය යන වැරදි විශ්වාසය නිසා බවයි.
කාන්තාවන් සැමටම ගණිකා වෘත්තියේ යෙදෙන්නන් ලෙස සැලකීමට පුරුෂයන්ට අයිතියක් නැති බව ඔවුන්ට කියා දිය යුතු බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.