මේ කවුද? කොහෙන්ද ආවේ?

Globster

ඡායාරූප මූලාශ්‍රය, Twitter

ඡායාරූප ශීර්ෂ වැකිය, මීටර හයක දිගින් යුත් දිගු "රෝම" සහිත මළ සිරුර

පිලිපීනයේ ඩිනගට් දූපතේ වෙරළට ගොඩ ගැසූ මීටර හයක දිගින් යුත් දිගු "රෝම" සහිත මුහුදු ජීවියා කුමන සත්ව විශේෂයකට අයත්දැයි යන්න බොහෝ දෙනෙක් ප්‍රශ්න කරති.

හඳුනා නොගත් එවැනි ජීවීන් "ග්ලොබ්ස්ටර්" (Globster) යන නමින් හඳුන්වනු ලබයි.

දිගු රෝම සහිත මුහුදු ජීවියා නව සත්ව විශේෂයක් විය හැකි බව ඇතමෙක් විශ්වාස කරන අතර සාගර විද්‍යාව පිළිබඳ ප්‍රවීණයෝ එම අදහස සමග එකඟ නොවෙති.

සත්ව සුබසාධනය සඳහාවන ඔර්කා (Orca) ආයතනයේ ප්‍රධානී ලුසී බේබේ කියා සිටියේ එය නිසැක වශයෙන්ම මළ සතෙකුගේ සිරුරක් බවය.

Grey line

තල්මසුන් සහ මුහුදු ගවයන්

A blue whale
ඡායාරූප ශීර්ෂ වැකිය, නිල් තල්මසා - මිහිපිට වෙසෙන විශාලතම සත්වයා

එය බොහෝ විට තල්මස් මළ සිරුරක් විය හැකි බවත් ඇය පෙන්වා දුණි.

"මළ සිරුරේ දිග මීටර හයක්. නමුත් පෙනෙන්න තිබෙන ආකාරයට එය සම්පූර්ණ සිරුර නොවෙයි. වලිග කොටස එහි නැහැ. මෙය මීට වඩා විශාල විය හැකියි" යනුවෙන් ලුසී බේබේ පැවසුවාය.

" ඒ නිසා මේ මළ සිරුර තල්මසෙකුට අයත් බව සිතන්න පුළුවන්"

පිලිපීනය අවට මුහුදු කලාපයේ නිල් තල්මසුන් (Blue whales), පිට කුදු තල්මසුන් (Humpback whales) ඇතුළු තල්මස් විශේෂ කීපයක් වෙසෙන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Grey line

සුදු රෝම?

Manatee
ඡායාරූප ශීර්ෂ වැකිය, මුහුදු ගවයෙක්

" ඒ වගේම එම කලාපයේ මුහුදු ගවයන් ඉන්නවා. මෙය මුහුදු ගවයෙකුගේ මළ සිරුරක් වෙන්නත් පුළුවන්" යනුවෙන් කී ඔර්කා (Orca) ආයතනයේ ප්‍රධානී ලුසී බේබේ මළ සිරුර විශාල වශයෙන් විනාශ වී තිබීම හේතුවෙන් එය නිශ්චිත වශයෙන් හඳුනාගත නොහැකි බව පැවසුවාය.

Grey line
Grey line

ඡායාරූපවල දැක්වෙන සුදු පැහැති "රෝම" මාංශපේශි තන්තු විය හැකි බවත් ඇය පේනවා දුණි.

මරණයට පත්වන තල්මසුන් සහ ඩොල්ෆින් සතුන්ගේ මළ සිරුරු අතරින් 10% ක් පමණක් වෙරළට ගොඩ ගසන බව ඇය සඳහන් කළාය.