ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගංජා වගාවට නෙදර්ලන්ත පාර්ලිමේන්තුවෙන් අනුමැතිය
ගංජා වගා කිරීම සඳහා අවසර ලබාදීමේ යෝජනාවක් නෙදර්ලන්තයේ පාර්ලිමේන්තුව අනුමත කරයි.
මේ අනුව, ගංජා සඳහා නෙදර්ලන්තය දීර්ඝ කාලයක් තිස්සේ දැක්වූ ලිහිල් ප්‍රතිපත්තියට නීතිමය පසුබිමක් ගොඩනැගෙනු ඇත.
නෙදර්ලන්තයේ නීති සංග්‍රහයට අනුව ගංජා තහනම් මත්ද්‍රව්‍යයක් වන නමුත් එරට අවන්හල් තුළ ගංජා අලෙවිය ප්‍රසිද්ධියේ සිදුවෙයි.
නෙදර්ලන්ත පොලිසිය ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරයි.
ගංජා වගා කිරීම සඳහා පාර්ලිමේන්තුව අනුමතකළ යෝජනාව සෙනෙට් සභාවෙන්ද අනුමැතිය ලදහොත් ඒවා අළෙවි කරන අවන්හල් සඳහා නීත්‍යනුකූල සැපයුම්කරුවන් ද බිහිවනු ඇත.
එමගින් 'ගංජා කර්මාන්තය' නෙදර්ලන්තයේ ප්‍රධාන ආර්ථික ප්‍රවාහයට එක්වනු ඇත.