පාපන්දුවට හිසෙන් පහරදුන්නොත් 'මතකය අඩුවේවි'

Heading football

ඡායාරූප මූලාශ්‍රය, Thinkstock

පාපන්දුවට හිසෙන් පහරදීම ක්‍රීඩකයන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වයට සහ මතක ශක්තියට බලපාන බව පර්යේෂණයකින් හෙළි වී තිබේ.

පැය විසිහතරක් ගතවන තුරු එම බලපෑම පවතින බවත් පර්යේෂකයෝ පවසති.

විසි වාරයක් පාපන්දුවට හිසෙන් පහර දීමෙන් අනතුරුව මොළයේ ක්‍රියාකාරිත්වයේ "සුළු එහෙත් සැලකිය යුතු වෙනසක්" සිදුවන බවත් පර්යේෂණයෙන් හෙළිවිය.

පර්යේෂණ වාර්තාව හෙළි කරන පරිදි නොනවත්වා පාපන්දුවට හිසෙන් පහර දී පැය විසිහතරකට පසු ක්‍රීඩකයකුගේ මතක හැකියාව 41% සහ 67% දක්වා ප්‍රමාණයකින් අඩුවේ.

Grey line

විභාගයට පෙර

Heading football

ඡායාරූප මූලාශ්‍රය, Thinkstock

එබැවින් විභාගවලට පෙනී සිටීම වැනි වැදගත් අවස්ථාවලට මුහුණ දීමට පෙර පාපන්දු ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටිය යුතු බව පර්යේෂණ වාර්තාවේ සම කතුවරයෙක් යෝජනා කරයි.

ඒ සම්බන්ධයෙන් සිදුකළ සොයා ගැනීම් මත පදනම්ව පාපන්දු ක්‍රීඩකයන්ට ලබා දිය හැකි උපදෙස් පිළිබඳව පර්යේෂණ වාර්තාවේ සම කර්තෘ ස්නායු රෝග වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්ය විලී ස්ටුවර්ට් මෙසේ අදහස් පළ කළේය.

Grey line
Grey line

"මම හිතන්නේ මේ දක්වා පෙනෙනන තිබෙන විදියට එහි බලපෑම පවතින්නේ පැය විසිහතරක් දක්වා පමණයි. මගේ දරුවෙකුට බදාදා විභාගයකට පෙනී සිටින්න තිබෙනවා නම්, අඟහරුවාදා පාපන්දු පුහුණු වීම්වලට නොයන ලෙස මම ඔවුන්ට යෝජනා කරනවා. මොකද බදාදා පැවැත්වෙන විභාගයට දරුවා හොඳින් මුහුණ දෙනවා දකින්න මට අවශ්‍යයයි," ඔහු පැවසීය.

දීර්ඝකාලීන බලපෑම්?

Heading football

ඡායාරූප මූලාශ්‍රය, Thinkstock

Grey line

නොනවත්වා පාපන්දු තරගවලට සහභාගි වීමෙන් අනතුරුව මොළයේ ක්‍රියාකාරිත්වයේ සිදුවන වෙනස්කම් තාවකාලික ද යන්න සහ ඉන් දීර්ඝ කාලීන බලපෑම් එල්ලවන්නේ ද යන්න පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව පර්යේෂණ වාර්තාව ප්‍රකාශයට පත් කළ ස්ටර්ලින් විශ්ව විද්‍යාලය වැඩිදුරටත් කියා සිටියේය.

පාපන්දු ක්‍රීඩාව සහ මොළයේ ආබාධ අතර පැවතිය හැකි සම්බන්ධය පිළිබඳ සිය අනුග්‍රහයෙන් මේ වසරේ මැයි මාසයේ පර්යේෂණයක් ආරම්භ කරන බව බ්‍රිතාන්‍ය පාපන්දු සම්මේලනය මේ අතර පවසයි.

බ්‍රිතාන්‍ය පාපන්දු සම්මේලනය ඒ බව කියා සිටියේ මොළයේ හටගත් කම්පනයක් හේතුවෙන් 2002 වසරේදී මරුමුවට පත් හිටපු එංගලන්ත පාපන්දු ක්‍රීඩකයකු වූ ජෙෆ් ඈශ්ලි ගේ පවුලේ සාමාජිකයන් ඒ සම්බන්ධයෙන් හඬ නැගීමෙන් අනතුරුවය.