ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ට්‍රම්ප්ගේ ආරක්‍ෂක උපදේශක ඉල්ලා අස්වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂාව සම්බන්ධ උපදේශකවරයා ලෙස කටයුතු කළ මයිකල් ෆ්ලින් ඉල්ලා අස්වී ඇත.
ඔහු සිය ඉල්ලා අස්වීම භාරදුන්නේ ඇමරිකාවේ රුසියානු තානාපතිවරයා සහ ඔහු අතර පැවති සබඳතාව පිළිබඳ අසත්‍ය තොරතුරු ධවල මන්දිරයේ නිලධාරීන් වෙත ලබා දුන් බව හෙළිවීමෙන් අනතුරුවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති පදවියේ දිවුරුම් දීමට පෙර ඇමරිකාව විසින් රුසියාවට පනවා ඇති සම්බාධක පිළිබඳව මයිකල් ෆ්ලින් රුසියානු තානාපතිවරයා සමග සාකච්ඡා කර ඇති බව දුරකතන සංවාද පිළිබඳ වාර්තා මගින් හෙළිවී තිබේ.
අදාළ දුරකථන සංවාද පිළිබඳ අසම්පූර්ණ තොරතුරු ලබාදුන් බව තම ඉල්ලා අස්වීමේ ලිපිය මගින් පිළිගන්නා හිටපු ජාතික ආරක්ෂක උපදේශකවරයා, එය නොසැලකිලිමත්කමින් සිදුවූවක් බව සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබේ.
ෆ්ලින්ගේ ඉල්ලා අස්වීම ට්‍රම්ප්ගේ කණ්ඩායම සහ ක්‍රෙම්ලින් පාලනය අතර පවතින සම්බන්ධතාවය අවසන් කෙරෙන සාධකයක් නොවන බව මෙම ඉල්ලා අස්වීම පිළිබඳ අදහස් දැක්වූ ඩිමොක්ක්‍රටික් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් වන ඇඩම් ෂිෆ් ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් රුසියාව මැදිහත්වූ බව හෙළිවීමත් සමග එයට ප්‍රතිචාර වශයෙන් එවකට ජනාධිපතිව සිටි බරක් ඔබාමා විසින් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීය.
තවත් ජෙනරාල්වරයෙකු වන කීත් කෙලොග් වැඩබලන ජාතික ආරක්ෂක උපදේශකවරයා ලෙස පත්කර ඇත.