ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇමෙරිකාවේ අනවසර සංක්‍රමණිකයන් දඩයමක්
ඇමෙරිකාවේ පදිංචිය සඳහා අවශ්‍ය ලියකියවිලි නොමැති සියගණනක් සංක්‍රමණිකයන් බලධාරීන් විසින් අත්අඩංගුවට ගනුලැබ ඇතැයි සංක්‍රමණයකින්ගේ අයිතින් සඳහා කටයුතු කරන කණ්ඩායම් පවසති.
පසුගිය දින කීපයේ ලොස් ඇන්ජලීස්, ඇට්ලන්ටා, චිකාගෝ, නිව් යෝර්ක්, ටෙක්සාස් සහ උතුරු-කැරොලිනා ප්‍රාන්තවල කරන ලද වැටලීම්වලින් එම සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගෙන ඇතිබව ඔවුහු වැඩිදුරටත් කියාසිටිති.
එම වැටලීම් සිරිත් පරිදි සිදුකරන මෙහෙයුම් බව පවසන ඇමෙරිකානු නිලධාරීන් අපරාධවලට සම්බන්ධ බවට වාර්තා සහිත පුද්ගලයන් සහ පිටුවහල් කිරීමට නියමිත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ඒවා සිදු කෙරුණ බවත් එවැනි මෙහෙයුම් කලින් පරිපාලනය යටතේත් දියත් කෙරුණ බවත් පෙන්වා දී ඇත.
එහෙත් රැඳවුම් භාරයේ සිටින සංක්‍රමිකයන්ට ඔවුන්ගේ නීතිඥවරයන් බැලීමට අවසර ලැබී නැතිබව ලොස් ඇන්ජලීස්හි ක්‍රියාත්මක වන සංක්‍රමණයකින් අයිතිය සඳහා වූ සංවිධානයක් පවසයි.