ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හිම කඳු නායයාමෙන් සියයකට අධික පිරිසක් මරුට
දැඩි හිම පතනය සහ හිම කඳු නායයාම් හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ සහ පකිස්ථානයේ සියයකට අධික පිරිසක් මරණයට පත්වෙති.
ඉන් හැටකට අධික පිරිසක් මරණයට පත්වී ඇත්තේ ඊයේ (පෙබ. 04) ඇෆ්ගනිස්ථානයේ මධ්‍යම සහ නැගෙනහිර ප්‍රදේශවල හිම කඳු නායයාමෙනි.
හින්දු කුෂ් කඳුවැටිය තුළින් දිවෙන සලාංග් උමඟ තුළ රියදුරන් පිරිසක් ආහාර නොමැතිව සිරවී සිටිති.
ඉන් දෙදෙනෙකු අධික ශීතල දරාගත නොහැකිව මියගොස් ඇත.
මේ අතරතුර පකිස්ථානයේ හිමාල කඳු ප්‍රදේශය ආශ්‍රිතව හිම කඳු නායයාම හේතුවෙන් යටත්පිරිසෙයින් දසදෙනෙකුවත් මියගොස් ඇතිබව වාර්තා විය.
අධික හිම පතනය ගුවන් ධාවන පථයේ අයිස් මිදීම නිසා ඇෆ්නනිස්ථානයේ කාබුල් නුවර ප්‍රධාන ගුවන් තොටුපල ද වසා දමා තිබේ.