ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සුනඛයින්ට සරණවන බ්‍රිතාන්‍ය වෛද්‍යවරිය
එංගලන්තයේ පශු වෛද්‍යවරියක් සිය රට හැර ශ්‍රී ලංකාවට පැමිණියේ අයාලේ යන සුනඛයන්ට පිහිට වීමේ අරමුණෙනි.
ජෙනී ලොව්ස්, නොසළකා හරින ලද සුනඛයන්ට වසර දෙකක් පුරා ප්‍රතිකාර කරන්නීය.
ශ්‍රී ලංකාව තුළ අයාලේ යන සුනඛයන් ලක්ෂ තිහක් පමණ වෙසෙන අතර ඉන් 60%ක් බාල අවදියේදී ම මරණයට පත් වේ.
තලල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සිය පශු වෛද්‍ය මධ්‍යස්ථානයට අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා අරමුදල් රැස් කරනුවස් විසි අට හැවිරිදි ජෙනී, 'WECare Worldwide' නමින් පුණ්‍යායතනයක් ආරම්භ කොට තිබේ.