ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තිස් වියැති ලොව 'වයස්ගතම' බලු සුරතලිය මිය යයි
ලොව වයස්ගතම සුනඛයා බවට විශ්වාස කෙරෙන මැගී නමැති බලු සුරතලිය පසුගියදා අවසන් හුස්ම හෙළුවේ තිස් වන විය පසු කරමින් සිටියදී.
සුනඛ විශේෂ බොහොමයක් වසර 08 ත් 15 ත් අතර කාලයක් ජීවත් වෙති.
මිනිස් ආයු කාලය හා සැසඳීමේදී මැගී වර්ෂ 133 ක් ජීවත් වී තිබේ.
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා පළාතේ ගොවිපළ හිමිකරුවකු වන මැගීගේ අයිතිකරු බ්‍රයන් මැක්ලරන් ප්‍රාදේශීය පුවත්පතකට පවසා තිබුණේ ඇය පසුගිය ඉරිදා මිය ගිය බවයි.
'ඇයට වයස තිහක්. සතියකට පෙරදීත් ඇය හොඳින් සිටියා. ගොවිපළේ සිට කාර්යාලයට ඇවිද ගෙන ආවා. පූසන්ට ගොරවමින් සාමාන්‍ය විදිහට හැසිරුනා' ඔහු 'ද වීක්ලි ටයිම්ස්' පුවත්පතට කියා සිටියේය.
මැගී කුඩා වියේදීම ඇයගේ විස්තර අඩංගු ලියකියවිලි නැති වී ඇති බව ඇයගේ හිමිකරු පවසන අතර ඒ හේතුවෙන් බලු සුරතලියගේ වයස ස්ථීර වශයෙන්ම කිව නොහැක.
මේ වන විට තිස් හතර වන වියේ පසු වන සිය බාල පුතු ඉපදී වසර හතරකට පසු කුඩා වයසේ පසු වූ මැගී මිළදී ගත් බවයි බ්‍රයන් කියා සිටියේ.
ඇය මිය යන විට බිහිරි භාවයට පත් වී ඇති අතර පෙනීමද ගිලිහෙමින් පැවති බවයි ඔහු පවසන්නේ.