පියාගේ ඝාතකයන් සොයන 'ජැක්සන් දියණී'

Paris and Michael Jackson

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පොප් ගායක මයිකල් ජැක්සන් මිය යන විට පැරිස් එකොළොස්වන වියේ පසු විය

සිය පියාණන් ගේ මරණය ඝාතනයක් යැයි තමන් විශ්වාස කරන බව මයිකල් ජැක්සන් ගේ එකම දියණිය පැරිස් ජැක්සන් පවසන්නීය.

රෝලිං ස්ටෝන් (Rolling Stone) සඟරාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඇය කියා සිටියේ 2009 වසරේ සිදු වූ සිය පියාගේ මරණය සැලසුමකට අනුව සිදු වූවක් යැයි තමන්ට ඒත්තු ගැන්වී ඇති බවය.

වේදනා නාශක ඖෂධ අධි මාත්‍රාවක් ලබා ගැනීම හේතුවෙන් මයිකල් ජැක්සන් මරණයට පත් වූ අතර ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස කටයුතුකළ කොන්රඩ් මරේ ඊට වරදකරු බව පසුව ප්‍රකාශයට පත් විණි.

Paris Jackson on the cover of Rolling Stone

ඡායාරූප මූලාශ්‍රය, Rolling Stone

ඡායාරූප ශීර්ෂ වැකිය, පැරිස් ,රෝලිං ස්ටෝන් සඟරාවේ මුල් පිටුවේ

ජීවිත තර්ජන ඇති බවට සිය පියාණන් වෙතින් ඉඟි පළවූ බව පැරිස් පවසන්නීය.

"ඔවුන් දවසක මාව මරා දමාවි," යැයි පවසන තත්වයක් මරණයට පෙර සිය පියා වෙතින් පළ වී යැයි පැරිස් වැඩිදුරටත් සඳහන් කරන්නීය.

Michael Jackson's memorial

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2099 වසරේ පැවති මයිකල් ජැක්සන් ගේ අවමංගල්‍ය උත්සවය ඇමතූ පැරිස්

සිය පියා ඝාතනයකොට ඇතැයි ඔබ විශ්වාස කරන්නේදැයි සම්මුඛ සාකච්ඡාව මෙහෙය වූ බ්‍රයන් හයට් විමසූ අවස්ථාවේ "ඇත්තෙන්ම" යන්න දහඅට හැවිරිදි පැරිස් ගේ පිළිතුර විණි.

මයිකල් ජැක්සන් ගේ මරණය සැලසුමකට අනුව සිදුවූවක් බව ඔහුගේ සැබෑ රසිකයන් සහ පවුලේ සාමාජිකයන් දන්නා කරුණක් බව කී ඇය ඊට සම්බන්ධ පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු සැලසුම් කරමින් සිටින බව වැඩිදුරටත් සඳහන් කළාය.