ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මීදුම අතරේ දරු දිවි සැඟවේ
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදුවූ රිය අනතුරකින් අවම වශයෙන් පාසල් ළමුන් පහළොස් දෙනෙකු මියගොස් තවත් 45 දෙනෙකුට තුවාල සිදුවිය.
තුවාල ලැබුවන් අතරින් 14 දෙනෙක් අසාධ්‍ය තත්වයේ පසුවෙති.
අනතුර සිදුවුයේ පැවති දැඩි මීදුම අතරේ පාසල් බස්රථයක් හා ලොරියක් එකිනෙක ගැටීමෙනි.
විපතට ලක්වූ සියලු දෙනා ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන වයස අවුරුදු තුනත් දොළහත් අතර දරුවෝ වූහ.
ට්විටර් පණිවිඩයක් නිකුත් කළ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි විපතට පත්වූවන්ගේ පවුල්වලට තම ශෝකය පළකර තිබේ.
ඉන්දියාවේ මාර්ග ලෝකයේ වඩාත්ම භයානක මාර්ගවලට අයත්වන බව සැළකෙන අතර සෑම මිනිත්තු හතරකට වරක් මාර්ග අනතුරක් සිදුවන බව වාර්තාවේ.
2015 වසරේදී වාර්තාවූ රිය අනතුරුවලින් පුද්ගලයින් එක්ලක්ෂ හතලිස් හයදහසකට වැඩි පිරිසක් මියගියහ.