ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දියාවේ බස් රථ අනතුරකින් 25 ක් මරුට
ඔපෙරා නාට්‍ය කණ්ඩායමක් රැගෙන යමින් තිබූ නැගෙනහිර ඉන්දියාවේ බස් රථයක් මීටර හැත්තෑ හයක් ගැඹුරු ප්‍රපාතයකට අද වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 25 දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකුට දරුණු තුවාල සිදුවිය.
ඉරිදා සවස ඔරිස්සා ප්‍රාන්තයේ දියෝගාර් (Deogarh) සිට බර්ගා (Bargarh) දක්වා ධවනය වෙමින් තිබූ මෙම බස් රථය ඉතා දුෂ්කර වංගුවක් ඔස්සේ ධාවනය කරමින් තිබියදීය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගියේ.
අනතුර සිදුවන විට බස් රථය තුළ කාන්තාවන් සහ ළමයින් ඇතුළු මගීන් හතලිස් දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ.