ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රහසිගත CIA වාර්තා අන්තර්ජාලයේ
පිටු එක් කෝටි තිස් ලක්ෂයකින් යුත් ප්‍රසිද්ධියට පත් කරන ලද රහස් ලිපිගොණු CIA ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවය විසින් අන්තර්ජාලයට මුදා හරිනු ලැබීය.
හඳුනා නොගත් පියාසර වස්තු හා සම්බන්ධ දර්ශන මෙන්ම 'ස්ටාගේට්'(Stargate) වැඩසටහන හා සම්බන්ධ පරීක්ෂණවලට අදාළ වාර්තා ද ඒ අතර වේ.
අදාළ ලිපිගොණු අන්තර්ජාලයේ ප්‍රකාශයට පත් වී තිබෙන්නේ ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවයට එරෙහිව තොරතුරු දැන ගැනීමේ නිදහස වෙනුවෙන් හඬ නගන නීතිවේදීන් සහ නීතිඥ සමාගමක් විසින් දීර්ඝ කාලයක් පුරා ගත් උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙනි.
සංරක්ෂිත වාර්තාව ලිපිගොණු අට ලක්ෂයකින් සමන්විතය.