ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
BREXIT: බ්‍රිතාන්‍ය අගමැතිනියගේ ස්ථාවරය
එක්සත් රාජධානියට යුරෝපා නිදහස් වෙළඳපොළ තුළ තවදුරටත් රැඳී සිටීමට හැකියාවක් නොමැති බව බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ පවසන්නීය.
අගමැතිනිය ඒ බව කියා සිටියේ එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ඇති ඉදිරි සැලසුම් පිළිබඳව අදහස් දක්වමිනි.
කෙසේ නමුත් යුරෝපා සංගමයේ සාමාජික රටවල් සමග උපරිම අයුරින් නිදහස් වෙළඳ ගිවිසුම් පවත්වා ගැනීමට කටයුතු කරන බවට ඇය ප්‍රතිඥා දුන්නාය.
එමෙන්ම එක්සත් රාජධානිය ලොව සෙසු රටවල් සමග ද වෙළඳ ගිවිසුම් අත්සන් තැබීමට කටයුතු කරන බවත් ඇය කියා සිටියාය.
බ්‍රිතාන්‍ය අගමැතිනිය තවදුරටත් කියා සිටියේ එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳ දෙපාර්ශවය අතර ඇති කර ගන්නා අවසන් එකඟතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ඡන්දයක් පවත්වන බවය.