ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ෆ්ලොරිඩා වෙඩි තැබීම: සැකකරු පොලිස් භාරයේ
ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ගුවන් තොටුපළකදී පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ බවට සැකකෙරෙන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබ ඇති අතර, ඔහු රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලිසිය පවසයි.
ෆෝට් ලවුඩර්ඩේල් ගුවන් තොටුපළේ ගමන් මලු එකතු කෙරෙන ස්ථානයේ මෙම වෙඩි තැබීම සිදුවී තිබෙන අතර මෙම සිදුවීමේදී තවත් පුද්ගලයන් අට දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි.
කෙසේවුවද මෙම වෙඩි තැබීමේ අරමුණු තවමත් සොයාගෙන නැති බව වාර්තාවේ.
අත්අඩංගුවට ගෙන ඇති එස්ටාබාන් සන්ටිගෝ නම් සැකකරු සතුව තිබී ඇමරිකානු හමුදාවට අයත් හැඳුනුම්පතක් සොයාගෙන ඇත.
ඔහු ඉරාකයේ සේවයේ නිරතව සිටි බවත් පරීක්ෂණවලින් හෙළිවී තිබේ.
සන්ටිගෝ ඇලස්කා හි ජීවත් වූ අතර, ඔහුගේ අසාමාන්‍ය හැසිරීම සලකා බැලු එම ප්‍රාන්තයේ පොලිසිය පසුගිය නොවෙම්බර් මාසයේදී ප්‍රතිකාර සඳහා ඔහුව මානසික රෝහලට යොමුකරන ලෙස උපදෙස් දී තිබුණේය.