ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බොලිවුඩ් තරුව ඕම් පූරි සමුගනියි
බොලිවුඩ් පුරවරයේ ප්‍රවීණ රංගන ශිල්පියකු වූ ඕම් පූරි අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ ඥාතියෙක් බීබීසීයට පැවසීය.
මුම්බායි නුවර පිහිටි සිය නිවසේ දී ඔහුට හදිසියේ හටගත් හෘදයාබාධයක් හටගත් බව වාර්තාවල දැක්වේ.
ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට විශාල ප්‍රමාණයකට මෙන්ම හොලිවුඩ් සහ බ්‍රිතාන්‍ය නිර්මාණවලටද රංගනයෙන් දායක වූ ඕම් පූරි මිය යන විට 66 හැවිරිදි වියේ පසුවිය.
රිචර්ඩ් ඇටෙන්බරා අධ්‍යක්ෂණය කළ 'ගාන්ධි' සිනමා නිර්මාණය සහ බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය චිත්‍රපටයක් වූ 'East is East' ඔහු රංගනයෙන් දායක වූ බටහිර නිර්මාණ අතර වේ.
බීබීසී ටෙලි නාට්‍යයකද ඔහු චරිතයක් රඟපෑවේය. බ්‍රිතාන්‍ය සිනමාවට ඔහු දැක් වූ දායකත්වය අගය කරමින් 2004 දී ඕම් පූරි OBE සම්මානයකින්ද පිදුම් ලැබුවේය.