ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රුසියාව සහ ඇමරිකාව තානාපති නිලධාරීන් නෙරපීමේ තරඟයක
ඇමරිකාවෙන් නෙරපා හරිනු ලැබූ රුසියානු තානාපති නිලධාරීන්ගේ සංඛ්‍යාවට සමානව ඇමරිකානු තානාපති නිලධාරීන් තිස් පස් දෙනෙකුද රුසියාවෙන් නෙරපා හරින ලෙස එරට විදේශකටයුතු අමාත්‍යාංශය ජනාධිපති පුතින්ගෙන් ඉල්ලීමක් කර ඇත.
රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් නෙරපා හැරීමට වොෂින්ටනය පියවර ගත්තේ ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂ ඊමේල් පණිවුඩ සොරාගත් බවට රුසියාවට චෝදනා එල්ලවීමෙන් පසුවය.
එසේවුවද, ක්‍රෙම්ලින් පාලනය මේ චෝදනාව ප්‍රතික්‍ෂේප කළේය.
ඇමරිකාව ගත් පියවරට එකට එක කිරීමක් ලෙස ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් නෙරපාහරින බව රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලව්රොව් රුපවාහිනිය ඔස්සේ නිවේදනය කළේය.
"විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අනෙකුත් දෙපාර්තමේන්තුවල අපේ හිතවතුන් එක්ව පහත සඳහන් යෝජනාව රුසියානු ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරනවා. මොස්කව් වල තියන ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන තිස් එක් දෙනෙකු සහ ශාන්ත පීටර්ස්බර්ග් හි ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන හතරදෙනෙකු නෙරපා හරින ලෙසට මෙන්ම සේරිබ්‍රයානි උද්‍යානයේ නිවාස සහ දොරෝෂන්යා වීදියේ ඇති ගබඩා ගොඩනැගිල්ල ඇමරිකානුවන්ට තහනම් කරන ලෙස අපි යෝජනා කරනවා. මෙම යෝජනාවට ඉක්මන් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා" යනුවෙන් ඔහු පැවසීය.
කෙසේවුවද සති තුනකට පසු ඇමරිකානු ජනපති පදවිය භාර ගන්නා ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන් වැඩ භාරගත් පසු රුසියාව සමග සබඳතා තර කර ගන්නා බවය.