ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මත්පැන් විෂ වීමෙන් විසිඑක් දෙනෙකු මරුට
නත්තල සැමරීම වෙනුවෙන් නීති විරෝධී ලෙස පෙරන ලද මත්පැන් විෂ වීමෙන් විසි එක් දෙනෙකු මරුමුවට පත්වී ඇති බව පකිස්තාන පොලිසිය පවසයි.
ඉස්ලාමාබාද් අගනුවරට කිලෝමීටර 300ක් පමණ දකුණින් පිහිටි තෝබා තෙක් සින්ග් නගරයේ පොලිස් නිලධාරියෙකු කියා සිටියේ නත්තල් දින මෙම පිරිස විසින් නීති විරෝධී ලෙස පෙරන ලද මත්පැන් වර්ගයක් පානය කොට ඇති බවයි.
මිය ගිය පිරිසෙන් දහනම දෙනෙකු ක්‍රිස්තියානි ආගමිකයන් වන අතර තවත් දෙදෙනෙක් මුස්ලිම් භක්තිකයන් බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත් ප්‍රාදේශීය මාධ්‍යය වාර්තා කළේ මෙම නීති විරෝධී මත්පැන් පානය කිරීමෙන් සියයකට අධික පිරිසක් තවමත් රෝහලේ ප්‍රතිකාර ලබන බවය.
පාකිස්තානය තුළ මුස්ලිම් භක්තිකයන්ට මත්පැන් විකිණීම සහ පානය තහනම් වන අතර සුළු ජාතිකයන්ට සහ විදේශිකයන්ට පවා මත්පැන් භාවිතය සම්බන්ධයෙන් පවතින්නේ දැඩි නීති රෙගුලාසි වේ.