ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ක්‍රිකට්: සුරංග ලක්මාල් ටෙස්ට් කඩුලු පහක් දවාගනියි
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පෝට් එලිසබෙත් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 286 කට දවාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
වේග පන්දු යවන සුරංග ලක්මාල් සිය ටෙස්ට් ක්‍රීඩා ජීවිතයේ පළමු වරට එක් ඉනිමකදී පළමු කඩුලු පහ දවාගැනීමට සමත්වීම මේ තරගයේ විශේෂත්වයයි.
ලකුණු 104 ක සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් සිටි ස්ටීවන් කුක් සහ ඩීන් එල්ගාර් ආරම්භක පිතිකරු යුවල පිට පිටම දවාගැනීමට සුරංග ලක්මාල් සමත්විය.
තේරීම් කමිටුව 'කණස්සල්ලෙන්'
රංගන හේරත් සහ නුවන් ප්‍රදීප් කඩුලු දෙක බැගින් දවාගැනීමට සමත්විය. මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදෙමින් සිටියි.
2011 දෙසැම්බරයේදී ටෙස්ට් තරගයක් ජයගැනීමෙන් අනතුරුව පළමු වතාවට දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුවයි.
දකුණු අප්‍රිකානු සංචාරය සඳහා කණ්ඩායම තේරීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව බලපෑම් කළ බවට ක්‍රිකට් තේරීම් කමිටුව චෝදනා කරන බව ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ පිළිබඳව විමසීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.