ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
‘බොකෝ හරාම්’ ග්‍රහණයෙන් ජනතාව මුදාගැනීමේ මෙහෙයුමක්
'බොකෝ හරාම්' ඉස්ලාමීය පාලනය යටතේ පවතින ප්‍රදේශ වල කොටු වී සිටි එක්දහස් අටසිය අසූවකට අධික සාමාන්‍ය වැසියන් බේරා ගැනීමට හැකි වූ බව නයිජීරියානු යුද හමුදාව පවසයි.
ඊට අමතරව 'සැම්බීසා' වනාන්තරයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී පන්සීයකට අධික තවත් වැසියන්කණ්ඩායමක් බේරා ගැනීමට හැකි වූ බවත් නයිජීරියානු යුද හමුදාව කියා සිටියි.
එහෙත් යුද හමුදාව ඉදිරිපත් කරන එම සංඛ්‍යා තොරතුරු ස්වාධීන මට්ටමින් තහවුරු කොට නොමැත.
පසුගිය වකවානුවේ 'බොකෝ හරාම්' කැරලිකරුවන් අත පැවති කලාප කීපයක බලය යළි තමන් අතට ගැනීමට නයිජීරියානු හමුදාවට හැකි වුනත් කැරලි කරුවන් ඉතා දැඩි ලෙස සංවිධානාත්මකව ප්‍රහාර එල්ල කරමින් සිටින බවත් වාර්තා වෙයි.