ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මහලේකම් පදවියෙන් ජනපති පුටුවට ?
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන්කි මූන් මේ මස අවසානයේ තනතුරින් ඉවත්වීමෙන් පසු දකුණු කොරියාවේ ජනාධිපති පදවිය සඳහා තමා තරඟ කිරීමට ඉඩ ඇති බවට ඉඟිකර ඇත.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ලෙස ඔහු විසින් පැවැත්වූ අවසන් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් බැන්කි මූන් පවසා තිබුණේ සුළු විවේකයකින් පසු දකුණු කොරියාවට ගොස් තම රටට සේවය කළ හැක්කේ කෙසේදැයි සිතා බලන බවය.
මේ අතර දකුණු කොරියානු ජනාධිපතිනී පාර්ක් ගුන් හේ ට එරෙහිව පාර්ලිමේන්තුව තුළ දෝෂාභියෝගයක් සම්මත කිරීමට එරෙහිව දහස් ගණන් ජනතාව පාගමනකට සහභාගීවෙමින් සෝල් අගනුවරදී විරෝධතාවය පළකළහ.
ඔවුන් ජනාධිපතිනියට තම සහයෝගය පළකළේ ජනාධිපති මන්දිරය අබියස රෝසමල් තැන්පත් කරමිනි.
මේ අතර පසුගිය සති කිහිපය තුළ සිදුවූ අයුරින් ජනාධිපතිනියට ඉල්ලා අස්වීමට බලකරමින් ඇයගේ ප්‍රතිවාදීන්ද අද සවස් කාලයේ සෝල් අගනුවරදී වීදි බැස විරෝධය පළ කිරීමට නියමිතව ඇත.
ජනපතිනියට එරෙහි දෝෂාභියෝග යෝජනාව අනුමත කිරීම හෝ නොකිරීම තීරණය කිරීම සඳහා එරට ව්‍යවස්ථා අධිකරණයට ලබන වසරේ ජූනි මස දක්වා කාලය ලැබී තිබේ.