කාශ්මීර දේශ සීමාව යළි උණුසුම් වෙයි

Indian Border Security Force soldiers patrol near the India-Pakistan international border area at Gakhrial border post in Akhnoor sector, about 48 kilometers from Jammu, India, Saturday, Oct. 1, 2016. In

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, කාශ්මීරය මුල් කර ගනිමින් ඉන්දියාව සහ පාකිස්තානය අතර මාස කීපයක සිට යළි උණුසුම් තත්වයක් මතු වෙමින් පවතියි

ඉන්දීය කාශ්මීර දේශ සීමා කලාපයේ සිට එල්ල වූ ෂෙල් ප්‍රහාරයකින් පුද්ගලයන් නව දෙනෙකුවත් මරුමුවට පත් වී ඇති බව පාකිස්තාන බලධාරීහු පවසති.

ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ සිය පාලනයේ පවතින දේශ සීමා කලාපයේ ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක් ෂෙල් ප්‍රහාරයට හසු වී ඇති බවය.

ප්‍රහාරයට ලක් වී තවත් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන බලධාරීහු සඳහන් කළහ.

නිවසකට එල්ල වූ මෝටාර් ප්‍රහාරයකින් නිවැසියන් දෙදෙනෙකු මරුමුවට පත් වී ඇති බව මෙතෙක් සනාථ නොකරන ලද වාර්තාවල දැක්වේ.

සන්නද්ධ කණ්ඩායමක් විසින් සැඟවී සිට එල්ල කරන ලද ප්‍රහාරයකින් සිය හමුදා සාමාජිකයන් තිදෙනෙකු මරුමුවට පත්වීමත් සමග එහි ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවනු ඇති බව ඉන්දියාව මීට ඉහතදී ප්‍රකාශ කර තිබිණි.

An Indian policeman fires a teargas shell towards demonstrators during a protest against the recent killings in Kashmir, in Srinagar on 23 September 2016.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දීය පාලනයට එරෙහිව කාශ්මීර වැසියෝ මාස කීපයක සිට උද්ඝෝෂණ කරති

සන්නද්ධ කණ්ඩායම පාකිස්තාන දේශ සීමා කලාපයේ සිට පැමිණ ඇති බවට ඉන්දියාව චෝදනා කළේය.

මතභේදයට තුඩු දී තිබෙන කාශ්මීර කලාපය සම්බන්ධයෙන් 2003 වසරේ ඇති කරගත් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරන බවට ඉන්දියාව සහ පාකිස්තානය එකිනෙකාට චෝදනා කර ගනිති.

කාශ්මීරය මුල් කර ගනිමින් දෙරට අතර මාස කීපයක සිට යළි උණුසුම් තත්වයක් මතු වෙමින් පවතියි.