ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දියානු මුදල් අර්බුදය මැද ජය මඟුල්!
ඉහළ වටිනාකම් සහිත මුදල් නෝට්ටු අවලංගු කිරීම නිසා ඉන්දියාව බරපතළ මූල්‍ය අර්බුදයකට වැටී ඇති අතරවාරයේ ලෝකයේ වැඩිම මුදල් සම්භාරයක් වැය කරමින් සිදු කරන ලද මහා විවාහ මංගල්‍යයක් පිළිබඳව කර්ණාටක ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.
පතල් කර්මාන්ත හිමි යෝධ ධනකුවේරයකු මෙන්ම, කර්ණාටක ප්‍රාන්තයේ හිටපු ඇමතිවරයකු වූ ජනාර්ධන රෙඩ්ඩි (Janardhana Reddy)බැංගලෝර් නගරයේ පැවැත්වුන සිය දියණියගේ අලංකාර විවාහ මංගල්‍යය වෙනුවෙන් ඩොලර් කෝටි හතහමාරකට අධික මුදල් සම්භාරයක් වැයකර ඇති බව එම වාර්තා පවසයි.
දසලක්ෂ සංඛ්‍යාත ඉන්දියානු ජනතාව මූල්‍ය අඟහිඟයකට මුහුණ දී සිටියදී කෝටි සංඛ්‍යාත මුදල් සම්භාරයක් වැයකොට විවාහ උත්සවයක් ගැනීම ඉන්දියානු සමාජය තුළ ව්‍යාකූල මතගැටුමකට හේතු වී ඇත.
විවාහ උත්සවයක් වෙනුවෙන් එතරම් විශාල මුදලක් වැය කරනු ලැබීම 'වස්තුව අශ්ලීල ආකාරයට ප්‍රදර්ශනය කිරීමක්' ලෙස විවේචකයෝ විග්‍රහ කරති.
එම මුදල් වැයකළ ජනාර්ධන රෙඩ්ඩි (Janardhana Reddy) දූෂණ චෝදනා එල්ල වී ඇති පුද්ගලයකු වන අතර ඔහු කියාසිටින්නේ තමා කිසිදු වරදක් සිදුකර නොමැති බවය.