ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පරාජය වුණේ FBI නිසා - හිලරි
ඇමරිකානු ජනාධිපතිවරණයෙන් නොසිතූ ලෙස පරාජයවීමට සිදුවීම පිළිබඳ හිලරි ක්ලින්ටන් FBI අධ්‍යක්ෂක ජේම්ස් කොම්ලිට දෝෂාරෝපණය කරයි.
ඩිමොක්ක්‍රටික් පක්ෂයට මූල්‍ය ආධාර ලබාදෙන්නන්ට හිලරි පැවසුවේ ජනාධිපතිවරණය ආසන්නව තිබියදී තම ඊ මේල් පණිවුඩ පිළිබඳව කළ නව හෙළි කිරීම ප්‍රචාරක වැඩපිළිවෙල බිඳ දැමීමට සමත්වූ බවය.
මේ අතර දහස් ගණනක් විරෝධතාකරුවෝ හතරවැනි දිනයටත් ජනාධිපති පදවිය සඳහා තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරෝධය පළ කළහ.
නිව්යෝර්ක් නගරයේ 'යූනියන් චතුරශ්‍රය' වෙත යාමට උත්සාහ කළ විරෝධතාකරුවන් පිරිසක් පොලීසිය විසින් වලක්වනු ලැබූ අතර තවත් පිරිසක් 'ට්‍රම්ප් ටවර්' හි පිහිටි ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ව්‍යාපාර මූලස්ථානය සහ නිවස වෙත යාමට උත්සාහ කළ බවයි වාර්තාවන්නේ.