ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හිලරි නිදහස්, ට්‍රම්ප් කණස්සල්ලෙන්
හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් පණිවුඩ හුවමාරුව සම්බන්ධයෙන් සාපරාධී චෝදනා එල්ල නොකරන බවට එෆ්බීඅයි හෙවත් ෆෙඩරල් විමර්ශන කාර්යාංශය කළ ප්‍රකාශය ඉතා අවිධිමත් බවට ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි.
ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ ආන්දෝලනාත්මක ඊමේල් පණිවුඩ සම්බන්ධයෙන් පෙර පැවැති පරීක්ෂණයේදී එළැඹුනු නිගමනයට වෙනස් තීන්දුවක් දීමට තරම් නව තොරතුරු හෙළි වී නැති බවට එෆ්බීඅයි ප්‍රධානීයා ප්‍රකාශයක් නිකුත් කළේය.
දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවතුනු මෙම ප්‍රශ්නයට විසඳුමක් ලැබීම ඉතා සතුටුදායක පුවතක් බව ජනාධිපති අපේක්ෂිකාවගේ මැතිවරණ ප්‍රචාරණ වැඩසටහන ප්‍රකාශ කරයි.
ඇමරිකානු ජනාධිපතිවරණයට දිනකට පෙර ඇති වූ මෙම නව වෙනස හිලරි ක්ලින්ටන් කඳවුර ලද ජයග්‍රහණයක් ලෙස හැඳින්වේ.
ඔබාමා පාලනය යටතේ 2009 - 2013 කාලය තුළදී ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්ලින්ටන් රාජ්‍ය කටයුතු සඳහා සිය පෞද්ගලික ඊමේල් ගිණුම භාවිත කිරීම, ඇයට එල්ලවූ චෝදනාවලට පාදක විය.