ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දු කාශ්මීර දරුවන්ට පාසල් දොර වැසෙයි
කාශ්මීරයේ ඉන්දු - පාකිස්තාන දේශ සීමාව අවට ගැටුම් තත්ත්වය උත්සන්න වෙමින් තිබියදී ඉන්දීය පාලන ප්‍රදේශයේ පාසල් දෙසියයකට ආසන්න ප්‍රමාණයක් වසා දැමීමට බලධාරීහු නියෝග කළහ.
ඔවුන් පැවසුවේ ඊයේ (නොවැ. 01) පාකිස්තානය දෙසින් එල්ල වූ කාලතුවක්කු ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් අට දෙනෙකු මරණයට පත්වූ බවය.
මෙම සතිය ආරම්භයේදී දේශ සීමාව හරහා ඉන්දියාව දෙසින් එල්ල කෙරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයකින් පාකිස්තාන කාෂ්මීර කලාපයේ සාමාන්‍ය වැසියන් සිව් දෙනෙකු මරණයට පත්වූ බව පාකිස්තාන බලධාරීන්ගේ චෝදනාව විණි.
කෙසේ නමුත් බෙදුම්වාදී කණ්ඩායම් දියත් කළ වැඩ වර්ජනයක් නිසා ඉන්දීය පාලනයේ පවතින කාශ්මීර කලාපයේ පාසල් පවත්වාගෙන යාමට දැඩි බාධා එල්ල විය.
කාශ්මීරයේ ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් උත්සන්න වූයේ සැප්තැම්බර් මාසයේ හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් ඉන්දීය සොල්දාදුවන් දහනව දෙනෙකු මරණයට පත්වීමෙන් අනතුරුවය.
පකිස්තානයේ සිටින සන්නද්ධ කණ්ඩායම් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව ඉන්දීය රජයේ චෝදනාව විය.