ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කර්කුක් නගරයට IS ප්‍රහාර
ඉස්ලාම් රාජ්‍ය සටන්කරුවන් විසින් උතුරු ඉරාකයේ කර්කුක් නගරයට ප්‍රහාර කිහිපයක් එල්ල කළ බව එහි නිලධාරීහු පවසති.
එම ප්‍රහාර එල්ලවූයේ උතුරු ඉරාකයේ ම පිහිටි මෝසුල් නගරය ඉස්ලාම් රාජ්ය කණ්ඩායමෙන් අත්පත්කරගැනීම පිණිස ඉරාක රජයේ හමුදා සහ කුර්දි හමුදා විසින් එල්ලකරනු ලබන ප්‍රහාර උත්සන්නකිරීමට සමගාමීවය.
කර්කුක් නගරාධිපතිවරයා පැවසුවේ නගරයට කිලෝමීටර හතළිහක් වයඹ දෙසින් පිහිටි විදුලි බලාගාරයකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් දහසය දෙනෙකු මියගිය බවය.
නගරය තුළ ඇති රජයේ ගොඩනැගිලි සංකීර්ණයකට මෙන් ම පොලිස් මූලස්ථානය ඇතුළු ගොඩනැගිලි ගණනාවකට ද ප්‍රහාර එල්ලවී ඇත.
අවම වශයෙන් සටන්කරුවන් හය දෙනෙකු මරා දමා ඇති අතර වෙඩිහඬ විටින් විට ඇසෙන බව වාර්තාවේ.