ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉරාකයේ තවත් බෝම්බ පිපිරීම් දෙකක්
ඉරාකයේ සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයන් විසි දෙනෙකුට වඩා මිය ගිය බව වාර්තා වේ.
මින් එක් සිදුවීමක දී නැගෙනහිර බැග්ඩෑඩ් හි කඩ සාප්පු වලින් යුක්ත ප්‍රදේශයකට රැගෙන ආ පුපුරන ද්‍රව්‍ය පිරවූ මෝටර් රථයක් පුපුරවා හැර තිබුණි.
මේ අතර ඉරාක අගනගරයේ උතුරු ප්‍රදේශයේ දී හමුදා මුරපොළක් ඉලක්ක කොට ධාවනය කෙරුණු බෝම්බයක් සහිත මෝටර් රථයක් පුපුරා යාමෙන් හමුදා නිලධාරීන් පස් දෙනෙකු මරණයට පත් විය.
අන්තර්ජාලය ඔස්සේ නිවේදනයක් නිකුත් කළ ඉස්ලාම් රාජ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබුණේ බැග්ඩෑඩ් හි සිදු වූ ප්‍රහාරය තමන් විසින් කරන ලද්දක් බවයි.
මේ අතර බැග්ඩෑඩ් නුවරට කිලෝමීටර හැටක් බටහිරින් පිහිටි ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධ කරුවන්ගේ ග්‍රහණයේ පවතින ෆලුජා නගරය මුදා ගැනීම සඳහා ඉරාක හමුදාව සටන් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.