ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ට්‍රම්ප් පුතින්ගේ රූකඩයක් - හිලරි
තමා පරාජය වුවහොත් ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිගැනීමට සුදානම් බව පැවසීම ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළේය.
ඔහු එසේ පැවසීම ප්‍රතික්ෂේප කළේ හිලරි ක්ලින්ටන් සමග පැවති අවසාන සජීවී රූපවාහිනි විවාදයේදීය.
ට්‍රම්ප් නැවත නැවතත් කියා සිටියේ ජනාධිපතිවරණ ක්‍රියාදාමය වංචා සහගත ලෙස ඔහුට එරෙහිව ක්‍රියාත්මක වෙමින් පවතින අතර අවසානයේ සිදුවන්නේ කුමක්දැ'යි තමා බලා සිටින බවය.
තම ප්‍රතිවාදියා ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය අපහාසයට ලක් කිරීමට තරම් තත්වයකට පත්වීම පිළිබඳව තමා මහත් පුදුමයට පත්වන බව හිලරි ක්ලින්ටන් පැවසුවාය.
මිනිත්තු අනූවක කාලයක් පැවති විවාදයේ වැඩි කාලයක් තුළ දෙදෙනා අතර සිදුවූ තියුණු වාග් ප්‍රහාරයන් පෞද්ගලික කරුණු මත පදනම් වී තිබුණි.
රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූතින් ගේ 'රූකඩයක්' බවට හිලරි ක්ලින්ටන් චෝදනා කළාය.
තම ජනාධිපතිවරණ රැළි පැවැත්වූ ස්ථානවල හිලරි ක්ලින්ටන් කලහකාරී සිදුවීම් ඇති කළ බවට ඩොනල්ඩ් ට්‍රුම්ප් චෝදනා කළේය.