ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මෝසුල් නගරය මුදා ගැනීමේ සටන් දිගටම
මෝසුල් නගරය යළි අත්පත් කරගැනීම සඳහා ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව සටන් වදින ඉරාක රජයේ හමුදා කණ්ඩායම් සහ මිත්‍ර හමුදා දෙවෙනි දිනයටත් හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කළහ.
රාත්‍රිය පුරා සටන් පැවති අතර ජිහාඩ්වාදීන් ඉරාක හමුදා යුධ ටැංකිවලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා විය.
බීබීසී වාර්තාකරුවෙකු පැවසුවේ දැනට ඉදිරිපෙළ සටන් පවතින ප්‍රදේශයේ සිට නගරයෙන් පිටත දකුණු බිම් තීරය දක්වා කිලෝමීටර් හතළිහක පමණ භූමි ප්‍රමාණයක් ඇති බවය.
කාලතුවක්කු හඬ ඈතින් ඇසෙන අතර ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධකණ්ඩායම් අත පවතින ප්‍රදේශවල බලය දුර්වල කිරීම පිණිස දිගටම ගුවන් ප්‍රහාර එල්ල කරන බව ඇමරිකානු හමුදා ප්‍රකාශකයෙකු සනාථ කළේය.
මේ අතර හමුදා මෙහෙයුම්වලින් මොසුල් නගරවැසියන්ගේ දෛනික කටයුතුවලට කිසිදු බාධාවක් එල්ලවී නැති බව පෙන්වන ප්‍රචාරක වීඩියෝවක් ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායම් විසින් නිකුත් කරනු ලැබ තිබේ.