ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දු කාශ්මීරයේ 'වෙඩි හුවමාරුවක්'
ඉන්දීය හමුදා සහ කැරලිකරුවන් බවට සැක කෙරෙන පිරිසක් අතර සිදු වූ වෙඩි හුවමාරුවකින් ආරක්ෂක අංශ සාමාජිකයකු තුවාල ලබා ඇති බව ඉන්දීය පාලනයේ පවතින කාශ්මීරයේ බලධාරීහු පවසති.
ඉන්දීය පාලිත කාශ්මීරයේ ප්‍රධාන නගරය වන ශ්‍රීනගර් ආසන්නයේ පිහිටි රජයේ ගොඩනැගිල්ලකට අවි ගත් කුඩා කණ්ඩායමක් සඳුදා උදෑසන ඇතුළු වී තිබේ.
දෙපාර්ශවය අතර පැය කීපයක් වෙඩි හුවමාරු වූ බවයි වාර්තාකරුවන් පවසන්නේ.
ඉහත කී ගොඩනැගිල්ල පසුගිය පෙබරවාරි මාසයේදීත් කැරලිකරුවන්ගේ ඉලක්කයක් බවට පත් වූ අතර එහිදී පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත් විය.
ජනතාව අතර ප්‍රචලිත තරුණ කැරලි නායකයකු ආරක්ෂක අංශ විසින් පසු ගිය ජුලි මාසයේදී මරා දමනු ලැබීමත් සමග ඉන්දීය කාශ්මීරයේ ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් හට ගෙන තිබේ.