යෝධ ප්‍රචාරක පුවරුවකට අසැබි ලිංගික දර්ශන

ඉන්දුනීසියාවේ මහා මාර්ගයක් අසල ඉදි කර ඇති යෝධ ප්‍රචාරක පුවරුවක අසභ්‍ය ලිංගික චිත්‍රපටයක් ප්‍රදර්ශනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනියි.

ජකර්තා නුවර ඇති මෙම ප්‍රචාරක පුවරුව පරිගණක මාර්ගයෙන් පාලනය වෙන අතර ඊට අදාළ රහස් අංක සොයා ගනිමින් අනවසරයෙන් මෙම අසභ්‍ය දර්ශන එක් කර තිබේ.

තොරතුරු තාක්ෂණ විශ්ලේෂකයෙකු වන විසි හතර හැවිරිදි තරුණයා වරද පිළිගෙන ඇති අතර ඊට සය වසරක් දක්වා සිර දඬුවම් හිමි විය හැක.

සමාජ මාධ්‍ය ජාලාවන්ට

විනාඩි පහක් පමණ මෙම අසභ්‍ය වීඩියෝව ප්‍රදර්ශනය වී ඇති අතර එය නවතා දැමීමට විදුලිය විසන්ධි කිරීමට සිදු වී ඇත.

කෙසේ නමුත් එම කෙටි කාලය තුළ බොහෝ දෙනෙකු මෙම දර්ශනය තම ජංගම දුරකථනය ඔස්සේ පටිගත කර සමාජ මාධ්‍ය ජාලාවන්ට එක් කර තිබේ.

මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාවේ අසභ්‍ය වීඩියෝ සහ වෙබ් අඩවි නීතියෙන් තහනම් ය.