ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පදාර්ථයේ නාඳුනන ස්වරූප සොයාගැනීම් වෙනුවෙන් නොබෙල් තෑග්ගක්
පදාර්ථයේ නාඳුනන ස්වරූප සොයාගැනීම් සිදු කළ බ්‍රිතාන්‍යයේ උපත ලද විද්‍යාඥයන් තිදෙනෙකු 2016 වසරේ භෞතික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය හිමි කර ගැනීමට සමත් වෙයි.
මෙම විස්මිත සොයා ගැනීම් තුළින් ඩේවිඩ් තෝලෙස්, ඩන්කන් හොල්ඩේන් සහ මයිකල් කෝස්ටර්ලිට්ස් (David Thouless, Duncan Haldane and Michael Kosterlitz) භෞතික විද්‍යාවේ නව දොරටුවක් විවර කිරීමට සමත් වී ඇති බවයි නොබෙල් ත්‍යාග කමිටුව පවසන්නේ.
ඇමරිකානු විශ්ව විද්‍යාලයන්හි සේවය කරන මෙම භෞතික විද්‍යාඥයන් තිදෙනා පවතින ගණිතමය විධික්‍රම භාවිත කරමින් සිදු කරනු ලැබූ පර්යේෂණ මාලාවක ප්‍රථිපල වශයෙනුයි පදාර්ථයේ මෙම සැඟවුණු ස්වරූප අනාවරණය කර ගෙන තිබෙන්නේ.
අධිසන්නායක සහ දුස්ස‍්‍රාවිතාවයකින් තොර ද්‍රව ස්වරුපයේ පදාර්ථ සහ ඉතා තුනී කාන්දම් පටල යොදා ගනිමින් ඔවුන් විසින් මෙම පර්යේෂණ මාලාව ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව පදාර්ථයේ මූලික ස්වරූප වන ඝන, ද්‍රව, වායු වලට අමතරව එම ස්වරූප අතර පවතින නාඳුනන ස්වරූප වල හැසිරීම විස්තර කිරීමටයි ඔවුන් උත්සාහ දරා තිබෙන්නේ.
ඔවුන්ගේ මෙම සොයා ගැනීම් වෙනුවෙන් හිමිවන මුදල් ත්‍යාගය ස්ටර්ලින් පවුම් හැත්තෑ දෙලක්ෂ විසිහත්දහසක් (රුපියල් දහතුන් කෝටි හැට ලක්ෂයකට ආසන්න මුදලක්) වන අතර විද්‍යාඥයන් තිදෙනා අතර මෙම මුදල සම සේ බෙදා දෙනු ලැබෙයි.